Advertise with Giraya
Gossip

නව රජයේ කැබිනට්ධූර 10ක් වියතුන්ට ලබාදීමට සැළසුමක්?

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරග වදින වියත්මග, එළිය, යුතුකම ඇතුළු සංවිධානවල නියෝජිතයින් හා ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් එම සංවිධානවලට අයත් පුද්ගලයින් රැසක් ඉදිරිපත් ව සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාර්යක් සිදුකළ සංවිධාන හා “වියත් දේශපාලනය” පිළිබඳ සංකල්පය සමාජගත කිරීමට දායක වූ සංවිධාන හා පුද්ගලයින් රැසක්ම මෙවර පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් ලැයිස්තු සහ ජාතික ලැයිස්තුව නියෝජනය කරයි.

එසේම මෙවර මහමැතිවරණයේ දී තමන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නා බව පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය සකස් කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එම අමාත්‍ය මණ්ඩලය බොහෝ දුරකට 25ත් 27ත් අතර සංඛ්‍යාවකට සීමා කිරීමට ද බොහෝ දුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම එම අමාත්‍ය මණ්ඩලයේ දී මෙවර මහමැතිවරණයෙන් ජයගහ්‍රණය කරන වත්මන් රජය‍ේ කැබිනට් අමාත්‍යවරුන්ට නව රජයේ ද කැබිනට්ධූර ලබාදීමට තීරණය කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් කැබිනට් අමාත්‍යධූර 2ක් ලබා දීමට නියමිත අතර ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවනු ඇති බව පැවසෙන මුළු කැබිනට් අමාත්‍යධූර ගණන 4ක් දක්වා ඉහළ යනු ඇති බව වාර්තා වේ.

මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ වැඩ පිළිවෙලේ කොටසක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට විශාල කාර්යභාර්යක් කළ සංවිධාන හා පුද්ගලයින් රැසකට නව රජයේ අමාත්‍යධූර ලබා දීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර වියත්මග, එළිය හා යුතුකම ඇතුළු සංවිධාන නියෝජනය කළ අය අතුරින් සහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී සිටින පසුගිය රජයේ ප්‍රබල නිලධාරීන් ලෙස කටයුතු කළ අය අතුරින් 10 දෙනෙකුට කැබිනට් අමාත්‍යධූර ලබා දීමට සැළසුම් කර ඇති බව ද වාර්තා වේ.

එහිදී ඔවුන්ට ප්‍රබල අමාත්‍යංශ කිහිපයක් ලබා දීමට ද සැළසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම එවැනි සෑම සංවිධානයකින්ම එක් අයෙකුටවත් කැබිනට්ධූරයක් ලැබෙන පරිදි මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top