Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සාකච්ඡා සාර්ථකයි, වරාය සේවකයන්ගේ වැඩ වර්ජනය අවසන්

(යාවත්කාලීන කිරීම පෙරවරු 4.30ට)

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් අතර අද (02) පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති නියෝජිතයින් රැස්වී පැවැත්වූ සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය සහ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළ බව කොළඹ වරායේ වාණිජ කර්මාන්ත සහ සේවා ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශාමල් සුමනරත්න සඳහන් කරයි.

අගමැති සමඟ පැවති සාකච්ඡා සාර්ථකයි – වරාය වෘත්තීය සමිති කියයි

Giraya News Alerts

අගමැතිවරයා සමඟ පැවැත් වූ සාකච්ඡාව සාර්ථක බවත් වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (02) දිනයේ දී දැනුම් දෙන බවත් වරාය වෘත්තීය සමිති පවසනවා.

______________________________________________________________________________

වරාය සේවකයන්ගේ හා අගමැති අතර සාකච්ඡාවක් අද

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබාදීමට විරෝධය පළ කරමින් වරායේ සේවකයින් විසින් සත්‍යග්‍රහයක නිරත වන අතර සත්‍යග්‍රහය හේතුවෙන් වරායේ සියලු කටයුතු අඩාල වී තිබෙනවා. මෙම සත්‍යග්‍රහය සඳහා කොළඹ වරායේ වෘත්තීය සමිති 23ක් එක්ව තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (02) උදෑසන පැවැත්වෙන අතර ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව සඳහන් කළේ පෙරවරු 7.00ට තංගල්ල කාල්ටන් නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාර්ගය පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලාල් බංගමුව සඳහන් කරයි.

මේ අතර වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින්ට ඊයේ (01) පස්වරුවේ අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. වරාය පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ අධිකරණ නියෝගය ලබා දී තිබු අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින්ව දැනුවත් කළා.

පසුව අධිකරණ නියෝගයට අනුව අවහිර කර තිබූ වරාය පිවිසුම් මාර්ගය විවෘත කළ ද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරන බව වෘත්තීය සමිති නායකයින් එහිදී පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top