Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වැලිකඩ බන්ධනාගාරයට කුඩු ගෙන ගිය පූසෙක් සොයාගෙන

හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැට ගසා වැලිකඩ බන්ධනාගාරයට යැවීමට සූදානම් කර තිබූ පූසෙක් අද (01) සොයා ගැනීමට බන්ධනාගාරය බුද්ධි අංශ නිලධාරීන් සමත්ව තිබෙනවා.

බළලෙකු ලවා හෙරොයින් මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට එවීමට ඇති සූදානමක් සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව බුද්ධි නිලධාරීන් විසින් කරන ලද විමර්ශනයක දී මෙම බළලාව සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී ඇති බව වාර්තා වේ.

පසුගිය දා (30) සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top