කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුවූ රටවල් අතරින් මෙක්සිකෝව මේ වන විට තුන්වන තැනට පත්වී තිබෙනවා. ඒ එරට කොරෝනා මරණ සංඛ්‍යාව 46,688 දක්වා ඉහළ යාමත් සමඟයි.
එරට මුළු ආසාදිත සංඛ්‍යාව හාරලක්ෂ 24,637 ක් වන අතර මරණ අනුපාතය අනුව, මෙතෙක් ලොව තුන්වන තැන රැදී සිටියේ මරණ 46,204ක් සිදුවූ මහා බ්‍රිතාන්‍යයයි.
මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතය සංඛ්‍යාව ද නිල සංඛ්‍යාවට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනු ඇති බව එරට බලධාරින්ම ප්‍රකාශ කරනවා.
ආර්ථික අර්බුදයකට මුහුණ දෙන මෙක්සිකෝව පසුගිය මැයි මාසයේ සිට රට නැවත විවෘත කිරීම ආරම්භ කළ අතර, ජුනි මාසය වනවිට කම්හල් සේවකයන් සියල්ලන්ම පාහේ සේවයට පැමිණියා. කෙසේ නමුත්, මෙක්සිකෝවේ කොරෝනා වෛරස් ව්‍යාප්ති කේන්ද්‍රය වන්නේ මෙම කම්හල් බව ද වාර්තා වේ.
