Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මෙවර මහ මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කොවිඩි – 19 වසංගත තත්ත්වය නිසා ඇති වූ සීමාවන් හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබන 03 වනදා තෙක් දීර්ඝ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට ඉල්ලීම් ලැබී තිබූ නමුත් පවතින නීතිමය බාධා හා විවිධ පාර්ශව විසින් එල්ල කළ විරෝධතා හේතුවෙන් ප්‍රචාරණ කාලය දීර්ඝ කිරීමට නොහැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

Giraya News Alerts

හෙට මධ්‍යම රාත්‍රි 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top