ඉකුත් ජනාධිපතිවරණ සමයේ මැතිවරණයට බලපෑමක් ඇතිකිරීමේ චේතනාවෙන් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමූ බවට මාධ්‍ය සාකච්ඡාවකදී අසත්‍ය කරුණු පැවසූ බවට චෝදනා කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙදෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ඊයේ (31) දිනයේ දී නඩු පවරන ලදී.
මෙලෙස නඩු පවරන ලද්දේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට අමතරව ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමී නමැත්තාට එරෙහිවයි.
නීතීපතිවරයා විසින් අදාළ විත්තිකරුවන්ට එරෙහිව පසුගිය ජනාධිපතිවරණ සමයේදී බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගත් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමු බවට අසත්‍ය කරුණු පැවසීමට පුද්ගලයින් දෙදෙනෙකු යොමු කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ එරෙහිව චෝදනා නඟා ඇත.
සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ප්‍රභාකරන් සතු රන් භාණ්ඩ එවකට ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සතු කරගත් බවටත් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මෙලෙස චෝදනා නඟා ඇත.
2019 ජනාධිපතිවරණයට බලපෑමක් ඇතිකිරීමේ චේතනාවෙන් බොරු සාක්ෂි සෑදීම හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම , අසත්‍ය ප්‍රකාශ කිරීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 81 වගන්තිය යටතේත්, දණ්ඩ නීති සංග්‍රහයේ 169 (උ) සහ 190 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
