ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් – 19 ආසාදිත රෝගීයාගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (31) තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය පී. සංජය පැවසුවේය. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යව 2815 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් ආසාදිතයින් 2391 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 413 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර, පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයාගේ ආශ්‍රිතයින් 158 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
පසුගිය 30 වනදා රාත්‍රියේ පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළ අදාළ පුද්ගලයින් 158 දෙනාගේ එම වාර්තා ඊයේ (31) රාත්‍රියේ ලැබී ඇති අතර එම වාර්තාවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය පී. සංජය පැවසුවේය.
පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක්කළ පිරිස අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ප්‍රදේශවාසීන්, ආසාදිතයාගේ ඥාතීන් මෙන්ම පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු වන බව සඳහන් වේ. එම ලංකාපුර ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් හඳුනාගනිමින් ඊයේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
ලංකාපුර ආසාදිතයා සමීපව ඇසුරුකළ පුද්ගලයින් සිටීනම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය වෙත පැමිණ පී.සී.ආර් පරික්ෂණ සඳහා ඉදිරිපත් වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය පී. සංජය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
