මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී ඊයේ (30) සොයාගනු ලැබූ උකුස්සා අද (31) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් විසින් එම පක්ෂියාව අධිකරණයට ගෙනා බව අප වාර්තාකරු පැවසීය.
පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන මෙම උකුස්සා අතුරුගිරිය පොලීසිය විසින් ඊයේ (30) සොයාගනු ලැබීය.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී එම උකුස්සා සොයා ගැනිණි.
“කුස ඇලි මුහුදු උකුස්සා” නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ. මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව වනජීවි නිලධාරීන් පවසයි.
