Advertise with Giraya
Giraya NewsGiraya News
FEATURES

ගිනස් වාර්තාවකට සැරසෙන යුද හමුදා නිවුන් සොයුරන්

යුද හමුදාවේ සේවය කරන නිවුන් සහෝදරයින් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා අදාළ ලියකියවිලි භාරදී තිබෙනවා.

ඒ, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ගිනස් පොත් වාර්තා පිළිබඳ මෙරට ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහගේ සහභාගීත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ ඊයේ (30) පැවති උත්සවයකදීයි.

එකම දිනෙක උපත ලබා, එකම දිනයක පාසලට ඇතුළත්ව උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපන හැදෑරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා එකම දිනයකදී යුද හමුදාවට එක්ව තිබෙනවා. එකම දිනෙක අධිකාරියට පත්වී ඇති ඔවුන්, උසස් වීම් ලබා ඇත්තේද එකම දිනකදී වීම විශේෂත්වයක්.

Giraya News Alerts

එසේම, යුද හමුදාව සඳහන් කළේ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන නිවුන් සහෝදරයින් එකම දිනයකදී විශ්‍රාම ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top