Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

රට ගොඩ ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි -රනිල් වික්‍රමසිංහ

පක්ෂයෙන් වෙන් වූ කිසිවෙකුට සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් විය නොහැකි බව එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු ඊයේ (30) කොළඹ “බාන්ස් පෙදෙසේ“ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

“මේ ආර්ථික පිරිහීමෙන් රට ගොඩගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි. ඒකයි එක්සත් ජාතික පක්ෂය යළි ගන්න කියන්නේ,“ යැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

Giraya News Alerts

“රට බේරගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. පොහොට්ටුවට අපි දුන්නානේ මාස 8ක් මොකක්ද කරලා තියෙන්නේ? කිසිම විසඳුමක් හොයලා නැහැ. එක්සත් ජාතික පක්ෂය විතරයි හැම ඡන්දයටම ඉදිරිපත්වෙලා තියෙන්නේ. 15 වතාවක්ම හැම පාර්ලිමේන්තුවේම ඉන්නවා. මේ 16 වැනි වතාව,“ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top