Advertise with Giraya
NEWS

ශානි අබේසේකර අත්අඩංගුවට

වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද (31) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කරයි.

ඒ පීඩාකාරි ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මතය. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 7දනෙකුට අදාළව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්විණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top