ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ.
අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඉන්පසුව ජපානයේ නරීටා සිට අද (31) දින අලුයම 3.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු පැමිණ තිබුණි..
ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
මේ අතර ගාල්ල වරායේ නවතා ඇති නැවක සේවය කළ ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු අද ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානයක් මගින් රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.
