Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ගෙවී ගිය දිනයේ දී චීනයෙන් කොරෝනා ආසාදිතයින් 127ක්

චීන ප්‍රධාන භූමියෙන් ඊයේ (31) නව කොවිඩ්-19 ආසාදිතයන් 127ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 123ක් දේශීයව සම්ප්‍රේෂණය වූ රෝගීන් බවත්, සෙසු 4 දෙනා විදේශයන්ගෙන් පැමිණි අය බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (31) වාර්තා කරයි.

චීන භූමිය තුළ වෛරසය යළි හිස ඔසවන මෙම දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 112ක් සින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපයෙන්ද, 11ක් ලියාඕනිං පළාතෙන්ද වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, වෛරසය ආසාදිත මරණ කිසිවක් බ්‍රහස්පතින්දා වාර්තා නොවූ අතර කොවිඩ්-19 රෝගීන් 17 දෙනෙකු රෝහල්වලින් මුදා හැර තිබේ.

බ්‍රහස්පතින්දා වනවිට රෝගීන් 78,974ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, මේ වනවිට චීන ප්‍රධාන භූමියේ පමණක් කොවිඩ්-19 රෝගීන් 84,292ක් වාර්තා වී ඇති අතර, මරණ 4,634ක් සිදුව තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top