Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 4යි, සමස්තය 2814යි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන මේ වන විට 2814ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (30) දිනයේ පස්වරු 6.30 වන විට නව ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගෙන ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කළ පරිදි, එම වාර්තා වූ නව ආසාදිතයින් සිව් දෙනාගෙන් එක් අයෙකු තුර්කියේ සිට ද, එක් අයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, තවත් එක් අයෙක් කටාර් සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. වාර්තා වූ අනෙක් ආසාදිතයා ලංකාපුර පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වේ.

එමෙන්ම, ඊයේ (30) දිනයේ දී තවත් ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2333 දෙනෙකු සුවය ලබා ඇත.

Giraya News Alerts

ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණ 470ක් වේ. තවත් පුද්ගලයින් 86 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top