Advertise with Giraya
NEWS

2012 රවුෆ් හකීම් අධිකරණ ඇමතිව සිටියදී නීති විද්‍යාලයට බඳවාගත් මුස්ලිම් සිසුන්ගේ අසාමාන්‍ය වැඩි වීමක්

2012 වසරේ දි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස වැඩි වූ බව හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදි සාක්ෂි දෙමින් පැවසුවා.

එහිදී, කොමිසම විසින් ප්‍රශ්න කළේ මෙලෙසට එක්වරම ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීම වැඩි වීමට හේතුව කුමක්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් හිටපු බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කළේ මහ ජාතිය සහ සුළු ජනවර්ගයක් අතර තිබූ ඝට්ටනයක් මෙයට හේතු වූ බවයි.

2003 වසරේදී නීති ප්‍රවේශ විභාගය සමත් වූ මුස්ලිම් සිසුන් ගණන 5ක් ද 2010 වසරේදී එය 9ක් වුවත් 2011 හා 2012 වසර වල පිලිවලින් 51 හා 78ක් දක්වා වැඩිවී තිබේ. මෙම වැඩිවීම 25.4% ක ප්‍රතිශතයක් ලෙස නිරීක්ෂණය වූ බවත් එය අස්වාභාවික බවත් නිලන්ත ජයවර්ධන ජනපති කොමිසමේදි සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා.

තමන් මෙය නීරීක්ෂණය කළත් මෙය නීති විද්‍යාලයේ සහ අධිකරණ අමාත්‍යංශයේ අභ්‍යන්තර ගැටලුවක් බව ද වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් හිටපු බුද්ධි ප්‍රධානියා ජනපති විමර්ෂණ කොමිසමේදි සඳහන් කළා.

2012 වසරේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රථම ස්ථාන 3ම ලබාගෙන ඇත්තේ මුස්ලිම් සිසුන් වන අතර මුල් 10 දෙනාගෙන් 6 දෙනෙක්ද මුල් 50 දෙනාගෙන් 28 දෙනෙක්ම මුස්ලිම් සිසුන් වීමත් එක ළග විභාග අංක ඇති මුස්ලිම් සිසුන් 20 දෙනෙක් විභාගය සමත් වීමත් එවකට දැඩි කතාබහට ලක්විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top