වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් නිට්ටඹුව නගරයේ කොළඹ – මහනුවර මාර්ගයට ආසන්නව පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එහි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු හා ඔහුගේ ආරක්ෂකයා අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලීසිය සමත්ව තිබෙනවා. එම අවස්ථාවේදී, ගබ්සාවක් සිදු කර ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ සිටි 19 හැවිරිදි අවිවාහක තරුණියක් සහ ඇගේ පෙම්වතා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් වේ. මෙම සැකකරු කලක් රාගම රෝහලේ සේවය කර ඉවත් වී බද්දට ගත් ස්ථානයක මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය බව පවසා ඇති නමුත් ඔහු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇතත් අවසන් පරීක්ෂණය සමත් නොවූ පුද්ගලයකු බවට පොලිසියට ලැබී ඇති අතර එම තොරතුරුවල සත්‍යතාවය සොයා බැලීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ දී එහි සිටි පෙම් යුවළ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. පොලිසිය එහි යන අවස්ථාවේ අවිවාහක තරුණිය ගබ්සාවට සූදානම් කර ඇඳේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙම යුවළ ඊයේ ( 29) වෛද්‍ය පරීක්ෂනයට යොමු කිරීමෙන් පසු තරුණිය ගැබ් ගෙන ඇති බව හෙළිවීමෙන් පසුව ගබ්සාව සදහා රුපියල් 40000.00 ක් අය කරන බව දන්වා ඇතැයිද ඒ අනුව යුවළ අද ( 30) මුදල්ද රැගෙන පැමිණ ඇති බවද මූලික පරීක්ෂණයේද හෙළිවී ඇත.
මීට අමතරව, මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ එහි රැදී සිටි තවත් කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකුද පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. ඔවුන් අනුරාධපුරය හා කුරුණෑගල දුර බැහැර ගම්මානයන්හි පදිංචිකාරියන් බව හෙළි වී ඇති අතර එම කාන්තාවන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මේ ස්ථානයේ පැවැත්වෙන බව කියන සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීමට පැමිණි බවයි. ඔවුන් කරන ප්‍රකාශය සත්‍යදැයි හෙළි කර ගැනීමටද පොලිසිය කටයුතු කරන අතර අවශ්‍ය වුවහොත් එම තරුණ කාන්තාවන් වෛද්‍ය පරීක්ෂනයකට ලක් කිරීමට ද නියමිතය.
එමෙන්ම, ගබ්සාවන් සදහා යොදාගන්නා බව කියන අඩු ආදි උපකරණ ගණනාවක් හා බෙහෙත් වර්ග රැසක්ද මේ ස්ථානයේ තිබී හමුවූ බව පොලිසිය කියයි. ඒවා සියල්ල පොලිස් බාරයට ගෙන ඇත. මේ ස්ථානයේ කාලයක සිට ඉතා රහසිගතව ගබ්සාවන් කර ඇති බව පොලිසිය හෙලි කරගෙන ඇති අතර වසර දෙකකට ඉහතදී ගබ්සාවක් සදහා රුපියල් 6000.00 ක් අය කර ඇති බවද මෙ වනවිට දහ දහස් ගණනින් අය කරමින් මෙය පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරු ලැබී ඇත.
වෛද්‍යවරයා පැමිණි බව කියන නවීන පන්නයේ මෝටර් රියක්ද පොලිසිය බාරයට ගෙන ඇති අතර පොලිස් නිල ඇදුමක්ද එහි තිබී හමුවූ බව පොලිසිය සදහන් කරයි. තවද, මෙහි මේස ලාච්චුවක තිබී පිරිමි දෙදෙනෙකුගේ හා කාන්තාවන් සිව් දෙනෙකුගේද හැදුනුම්පත් හමුවී ඇති අතර ඒවා ලැබුනු ආකාරය සොයා බැලීමටද කටයුතු කෙරේ.
නිට්ටඹුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාට ලත් තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත. අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
