Advertise with Giraya
NEWS

මුහුදු මාර්ගයෙන් කහ කිලෝ ග්‍රෑම් 999ක් ගෙන සැකකරු ස්වයං නිරෝධායනයට

මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝ ග්‍රෑම් 999ක් සමග සැකකරුවෙකු පසුගිය අඟහරුවාදා (28) දින මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ දී නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදා කණ්ඩායමක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ පසුගියදා (28) සිදුකළ මුර සංචාරයක දී කිසියම් ද්‍රව්‍යයක් සැකසහිත ලෙස අසුරන ලද ගෝනි කිහිපයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එහිදී එම ගෝනි උර තුළ අසුරන ලද වියළි කහ තොගයක් සොයාගෙන තිබේ. පසුව, කිලෝ ග්‍රෑම් 999 ග්‍රෑම් 500ක බරින් යුත් එම වියළි කහ තොගය මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා බාරයට ගත් එම කහ තොගය, වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, පවතින කොවිඩ්-19 අවදානම් තත්ත්වය මත අදාළ සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top