Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසා දමයි

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකවරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු විමෙන් පසුව අද (30) දිනයේ සිට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ පවසයි.

ඒ අනුව, ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිරෝධායනයට ලක්කළ යුතු පිරිස් හඳුනාගෙන ඔවුන් නිරෝධායනය සඳහා යොමුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ සඳහා සෞඛ්‍ය කණ්ඩායම් මේ වන විට එහි ගොස් සිටින බවද ඒ වෛද්‍යවරයා කීය.

මීට දින දෙකකට පෙර පී.සී.ආර්.පරීක්‍ෂණ සිදු කරනු ලැබූ ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් අතුරින් මෙම කොරෝනා ආසාදිතයා අලූතින් හමුවූ බව ද ඔහු පැවසීය.

Giraya News Alerts

ලංකාපුරින් හමුවූ කොරෝනා ආසාදිතයා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අංගොඩ උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය කුමාරවංශ කීවේය.

මීට පෙරද, ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියකු කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වූ බව පොළොන්නරුව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top