සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 102 අතරින් සාමාජිකයින් 54 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය පසුගිය දා හිමිවිය.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ අය අතරට, අජිත් පී.පෙරේරා , සුජීව සේනසිංහ , රන්ජන් රාමනායක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළත් වේ.
කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නම එයට ඇතුළත්ව නොතිබිණි.
මේ සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ, පක්ෂයේ විනය කඩ කළ සියල්ලන්ගේම නම් එම ලැයිස්තුවේ පවතින නමුත් එයින් කොටසකගේ පමණක් පළමු අදියර යටතේ සාමාජිකත්වය අහෝසි වීම සිදු වන බවයි. කමිටු ගණනාවක විමර්ශනයෙන් අනතුරුව මෙම නම් ලැයිස්තුව ඉදිරිපත් වී ඇති බවත් ඉදිරි කාලයේ දී අනිවාර්යයෙන්ම අනෙක් සාමාජිකයින්ගේ ද සාමාජිකත්වය අහෝසි වීමට කටයුතු සිදු වන බව ද ඔහු අවධාරණය කරයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වු පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට ද පසුගිය 28 වන දා රැස්වු කෘත්‍යාධිකාරි මණ්ඩය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ මන්ත්‍රීවරුන්ගේ නම් පහතින් දැක්වේ.


සම්බන්ධිත පුවත්
එජාපයෙන් ඉවත් කළ පිරිස වෙනුවට අලුත් මන්ත්‍රීවරු පිරිසක්
