Advertise with Giraya
NEWS

මේ වසරේ තුන්වන කාර්තුවට සූර්ය විදුලිය මිලදී ගැනීමෙන් ලංවිමට රු. ලක්ෂ 2737ක ලාභයක්

මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්ය බල විදුලිය මෙගාවොට් 150ක ප්‍රමාණයක් මිල දී ගැනිමට රජය විසින් අනුමැතිය ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමතමින් ය.

මෙම සූර්ය බල විදුලිය මිල දී ගනු ලබන්නේ අවම මිල ගණන් යටතේ වන අතර තරඟකාරි මිල ගණන් කැඳවීම හේතුවෙන් එක් ඒ්කකයකින් රුපියල් 10ක ඉතිරියක් සිදු වෙයි. ඒ, දැනට ඉදිරිපත්ව ඇති මිල ගණන් යටතේ ඒ්කකයක් රුපියල් 10කට වඩා අඩුවෙන් ලබා දීමට ඉදිරිපත්ව ඇති ආයතන මගින් විදුලිය මිල දී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ය.

Giraya News Alerts

මෙගවොට් එකක් යනු ඒ්කක 5000කි. මෙගවොට් එකකින් ඉතිරි වන මුදල රුපියල් 50,000කි. ඒ් අනුව දිනකට ඉතිරි වන මුදල රුපියල් 7,50,000ක් වේ. වසරකට ඉතිරි කර ගත හැකි මුදල රුපියල් ලක්ෂ 2737ක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

එමෙන්ම, මෙම වසරේ හතරවන කාර්තුව සඳහා තවත් මෙගවොට් 15ක සූර්ය විදුලිබලය මිල දී ගැනීමට නියමිත අතර ඒ් අනුව මෙම වසර අවසන් වනවිට ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 5474ක මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමි වේ. පාඩු ලබමින් සිටින ලංකා විදුලි බල මණ්ඩලය 2023 දී ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය විසින් සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ යටතේ මෙම මුදල් ඉතිරිය වඩාත් ඵලදායි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top