Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 10,000කට පමණ රැකියා අහිමිවෙලා

මැදපෙරදිග ඇතුළු විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් 10,000කට පමණ රැකියා අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය සඳහන් කරයි.

එමෙන්ම, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40,000ක් පමණ දිවයිනට පැමිණිමට මේ වන විටත් ඉල්ලුම් කර ඇති බව ද එම කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය වැඩිදුරටත් සඳහන් කරයි.

එලෙස, මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සූදානම් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඔවුන් මෙරටට ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇති බව ද මංගල රන්දෙණිය සඳහන් කරයි.

Giraya News Alerts

මේ අතර, මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැදී සිටින ශී‍්‍ර ලාංකිකයන් හෙට (31) සිට මෙරටට ගෙන්වීමට නියමිතයි. ඒ අනුව, පළමු කණ්ඩායම ලෙස මෙරටට රැගෙන එන්නේ ඩුබායි සහ අබුඩාබිහි සිටින 550 ක පිරිසක් ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top