කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග වසා දැමුණු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමට මීට පෙර තීරණය කර තිබුණි. නමුත්, විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කරන්නේ ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද ගුවන් තොටුපොල විවෘත කිරීමේදී ප්‍රධාන සාධකයක් බවයි.
කෙසේවෙතත් මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බව ද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් පවසයි.
මේ අතර මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැදී සිටින ශී‍්‍ර ලාංකිකයන් හෙට (31) සිට මෙරටට ගෙන්වීමට නියමිතයි. ඒ අනුව, පළමු කණ්ඩායම ලෙස ඩුබායි සහ අබුඩාබිහි සිටින 550 ක පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිත වේ.
