Advertise with Giraya
NEWS

හිඟුරාණ, මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පිරිසක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ උපදේශකවරයෙකුට දෙවැනි වරට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

ඒ අනුව, එම නිලධාරියා ඇසුරු කළ හිඟුරාණ, මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් ඊයේ (28) දිනයේ සිට නිරෝධායනය කිරිමට පියවර ගත් බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රසාත් විජෙලත් සඳහන් කරයි. එම පිරිසට අද (29) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරිමට බලාපොරොත්තු වනා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවත්, එම ප්‍රදේශයේ මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකු වාර්තා වී නොමැති බවත් ඒ හේතුවෙන් මුවන්ගොල ප්‍රදේශයේ හුදෙකලා කිරීමක් සිදුනොකරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

Giraya News Alerts

මෙම තත්ත්වය හේතුවෙන් හිඟුරාණ නගරයේ දෙවැනි පාලම සහ ගල්මඩුව දක්වා ප්‍රදේශවල අමතර පංති පැවැත්වීම, දේශපාලන රැස්වීම් පැවැත්වීම සහ වෙනත් උත්සව සහ සති පොළ යනාදිය පැවැත්වීම නතර කිරිමට සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් ලබාදී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top