ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (29) දින පෙරවරු 10.00 වන විට 2810ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එමෙන්ම, ඊයේ (28) දිනය තුළ නව ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එම වාර්තා වූ නව ආසාදිතයින් පස්දෙනාගෙන් සිව් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වේ.
ඒ අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන් 2810 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 31
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 917
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 599
- වෙනත් – 313
එමෙන්ම, අද (29) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2317 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 482ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2810ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 82.4%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (28) දිනයේ දී එය 17.1%ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.39%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 155,540ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (28) දිනය තුළ දී පී.සී.ආර් පරීක්ෂණ 1349ක් සිදු කර ඇත. මේ මාසයේ එක් එක් දිනයන් හී දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ප්‍රමාණය පහත දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (29) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 482 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 42ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 53ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 04 ක් ද,
- ඉරණවිල රෝහලේ 10ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 25ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 42ක් ද,
- යුද හමුදා රෝහල (පනාගොඩ) 16 ක් ද,
- කඹුරුගමුව මහ රෝහලේ 00ක් ද
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 289 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් ආසාදිතයෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.
එමෙන්ම, පුද්ගලයින් 80 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.
