බන්ධනාගාර කොමසාරිස්වරයෙකු විසින් බන්ධනාගාර නියාමකවරයෙකුට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා. මෙලෙස ඊයේ (28) රාත්‍රියේ දී, පහර කෑමට ලක්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරී සිදුකළ බන්ධනාගාර නිලධාරියෙක් ය.
තමන්ට බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පහරදුන් බවට 119 පොලිස් හදිසි අංකයට පැමිණිලි කර බන්ධනාගාර නියාමකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වේත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
