Advertise with Giraya
FOREIGN

ස්පාඤ්ඤයෙන් යළිත් දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

යුරෝපයේ රටවල් යළි කොරෝනා රැල්ලක අවදානමකට මුහුණපා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, ස්පාඤ්ඤයෙන් යළිත් වරක් කොරෝනා රෝගීන් දිගින් දිගටම වාර්තා වීමත් සමඟයි. ඒ අනුව, බි‍්‍රතාන්‍යය ද ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සංචාරකයින්ට නව සීමා පැනවීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ. ඒ අනුව, එම සංචාරකයින්ට දින 14 ක නිරෝධායනයක් අනිවාර්ය කර තිබෙනවා.

ජර්මනිය ද පවසන්නේ සිය රට තුළ යළි කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බවයි. ජනතාවගේ නොසැලකිල්ල ඊට හේතුවක් බවට ද ජර්මනියේ මහජන සෞඛ්‍ය ආයතනය පවසනවා. ගත වූ සතියක කාලය තුළ පමණක් අලූතින් රෝගීන් 3,611 ක් වාර්තාවීමත් සමග මුඛ ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය සහ නිරෝධායන රීති රකින ලෙසට ජනතාවට යළිත් දැනුම්දී මට ජර්මනියට සිදු විය. වෛරසයේ ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන ස්පාඤ්ඤයේ ප‍්‍රාන්ත 3 ක සිට පැමිණෙන සංචාරකයින්ට ජර්මනියට ඇතුල්වීම තහනම් කිරීමට ද දැනටමත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍යයන් වාර්තා කරයි.

මේ අතර, ලෙබනනයටම බලපාන පරිදි සති 2 ක කාලයක් සඳහා යළි ලොක්ඩවුන් සීමා පැනවීමට ද එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ආගමික ස්ථාන, සිනමා ශාලා, මත්පැන් අවන්හල්, රාතී‍්‍ර සමාජ ශාලා, කී‍්‍රඩා ඉසව් සහ ජනාකීර්ණ වෙළදසැල් ද වසා දැමීමට ලෙබනන් බලධාරීන් තීරණය කර තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top