Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

එජාපයෙන් ඉවත් කළ පිරිස වෙනුවට අලුත් මන්ත්‍රීවරු පිරිසක්

පක්‍ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙනුවට අලුත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ඊට අදාළ ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දීමට ද කටයුතු කර ඇති බවයි.

සමගි ජන බලවේගයට සහය පළ කරන එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් 61 දෙනෙකු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කෙරුණා. එමෙන්ම සමගි ජන බලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනෙකුගේ ද පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ද ඊයේ (28) තීරණය කරන ලදී. එමෙන්ම, ඊට අදාළ ලිපි අද (29) දිනයේ දී ඔවුන් වෙත යොමු කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

කෙසේ වෙතත්, එම සාමාජිකත්වය අහෝසි කළ ලැයිස්තුවේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නම ඇතුළත් වී නොතිබීම ද විශේෂත්වයකි. මේ පිළිබඳව ද පැහැදිලි කිරීමක් සිදු කරමින් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ, පක්ෂයේ විනය කඩ කළ සියල්ලන්ගේම නම් එම ලැයිස්තුවේ පවතින නමුත් එයින් කොටසකගේ පමණක් පළමු අදියර යටතේ සාමාජිකත්වය අහෝසි වීම සිදු වන බවයි. කමිටු ගණනාවක විමර්ශනයෙන් අනතුරුව මෙම නම් ලැයිස්තුව ඉදිරිපත් වී ඇති බවත් ඉදිරි කාලයේ දී අනිවාර්යයෙන්ම අනෙක් සාමාජිකයින්ගේ ද සාමාජිකත්වය අහෝසි වීමට කටයුතු සිදු වන බව ද ඔහු අවධාරණය කරයි.

Giraya News Alerts

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පවසන්නේ, ඉදිරි මැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විසින් සිය අවසන් දේශපාලන තුරුම්පුව ද ක‍්‍රියාවට නංවා ඇති බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top