ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන මේ වන විට 2810ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (28) දිනයේ පස්වරු 10.45 වන විට නව ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන ඇත.
එම වාර්තා වූ නව ආසාදිතයින් පස්දෙනාගෙන් සිව් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වේ.
එමෙන්ම, ඊයේ (28) දිනයේ දී තවත් ආසාදිතයින් 175 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2296 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණ 503ක් වේ. තවත් පුද්ගලයින් 65 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.
