Advertise with Giraya
NEWS

අගමැති සමඟ සාකච්ඡාවෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති

පසුගිය 17 වැනි දින සිට කොරෝනා මර්දන ක්‍රියාවලීන් හා බෝවන රෝග පාලන වැඩසටහන්වලින් ඉවත් වීමට කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (29) පෙරවරු 7.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, අද(28) දිනයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකාච්ඡාවකින් අනතුරුවයි.

මැතිවරණයට අදාළව කොරෝනා මර්දන රාජකාරිවලදී තමන්ට බලය ලබා දී නොමැති බව පවසමින් රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමක දී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

එසේම රාජකාරී කටයුතු සිදු කිරීමේ දී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ එකඟතාවය හිමි වී ඇති බව ද වාර්තා වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අද (28) අරලිගයගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයන්ට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top