Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ආසාදිතයින් 175 දෙනෙකු සුවය ලබයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (28) දින පෙරවරු 10.00 වන විට 2805ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එමෙන්ම, අද (28) උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ දී ආසාදිතයින් 23ක් හඳුනාගෙන ඇත. එයින් 17 දෙනෙකුම සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ. පස්දෙනෙකු කටාර්හි සිට ද, තවත් එක් අයෙකු සෞදි අරාබියේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

ඒ අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන් 2805 දෙනා අතරින්,

Giraya News Alerts
  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 31
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 913
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 598
  • වෙනත් – 313

එමෙන්ම, අද (28) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 175 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එම සුවය ලැබූ පිරිසගෙන් 130ක් ම කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වීම විශේෂත්වයකි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2296 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 498ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2805ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 81.8%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (28) දිනයේ දී එය 17.7%ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.39%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 154,191ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (27) දිනය තුළ දී පී.සී.ආර් පරීක්ෂණ 1126ක් සිදු කර ඇත. මේ මාසයේ එක් එක් දිනයන් හී දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ප්‍රමාණය පහත දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (28) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 498 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 43ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 64ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 04 ක් ද,
  • ඉරණවිල රෝහලේ 11ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 27ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 40ක් ද,
  • යුද හමුදා රෝහල (පනාගොඩ) 17 ක් ද,
  • කඹුරුගමුව මහ රෝහලේ 02ක් ද
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 289 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
  • තවත් ආසාදිතයෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 65 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top