පදිංචිය පිළිබඳ සහතිකයක් ලබා ගැනීම සඳහා රුපියල් 100,000ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත් ග්‍රාම නිලධාරිනියක් සහ එයට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයක්තව රාජකාරි කරන අයෙකු බව වාර්තා වේ.
කොළඹ 09, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව එම ග්‍රාම නිලධාරිනිය සහ එයට අනුබල දුන් පුද්ගලයා ඊයේ (27) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පැමිණිකරු ඉල්ලූ පදිංචිය පිළිබඳ සහතියක් ලබා දීමට රුපියල් 100,000ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා එම මුදල ලබා ගැනීමේ දී අදාළ සැකකාරි හා සැකකරු ග්‍රාම නිලධාරී කාර්යාලය තුළදී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
