Advertise with Giraya
NEWS

කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන කුරුණෑගල නගරසභාවේ සභාපති තුෂාර සංජීව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න විසින් පෙත්සම ඉදිරිපත්කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top