Advertise with Giraya
NEWS

කන්දකාඩු පොකුරේ ආසාදිතයින් ගණන 597 දක්වා ඉහළට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත පොකුරෙන් දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 597ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම 597 දෙනා අතරට,

  • පුනරුත්ථාපනය වන රැඳවියන් – 482
  • කාර්යමණ්ඩලය – 65
  • ආරාධිත කාර්යමණ්ඩලය – 5
  • පවුල් හා සමීපතමයින් – 44
  • වැලිකඩ රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙක් අයත් වේ.

එමෙන්ම, අද (28) උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ දී ආසාදිතයින් 23ක් හඳුනාගෙන ඇත. එයින් 17 දෙනෙකුම සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ. පස්දෙනෙකු කටාර්හි සිට ද, තවත් එක් අයෙකු සෞදි අරාබියේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Giraya News Alerts

ඒ අනුව, දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 2805ක් වේ. එම වාර්තා වූ ආසාදිතයින් අතරින් 2121 දෙනෙකු සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන රෝගීන් ගණන 673ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top