ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ (27) ගල්කිස්ස මංසන්ධියේ දී පැවැත්විණි.
එහිදී, ජනතාව අමතමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, තමන් මේ රටේ අඩුවෙන්ම බදු මුදල් උපයෝගී කර ගන්නා අගමැති වන බවයි. එමෙන්ම, රට දැය ගොඩ නැගීමට පරාර්ථකාමී දුෂ්කර ක්‍රියා කරන රජයක් බිහි කරන බවත් ඔහු එහිදී පැවසුවා.
එම ජනහමුව අමතමින් සජිත් ප්‍රේමදාස, “මෙරට දේශපාලන ඉතිහාසයේ ආර්ථික වර්ධනයේ ස්වර්ණමය යුගය බිහිකරන්න කැපවෙනවා. අපේ ආණ්ඩුවක ඇමතිධුර දැරීම සෞභාග්‍යවත් රජදහනක් නොවෙයි. රටදැය ගොඩනැගීමට පරාර්ථකාමීව දුෂ්කර ක්‍රියා කරන රජයක් බිහිකරනවා. කවුරුත් හිතන්න එපා සජිත්ගේ නායකත්වයෙන් එන ආණ්ඩුවක රට සවාරි , විනෝද සවාරි නැහැ. පරාර්ථකාමීත්වයට ආදර්ශය දෙන්නෙ ඉහළම තැනින්. අඩුවෙන්ම රටේ බදු මුදල් උපයෝගි කරගන්න අගමැති බවට පත්වෙනවා” යනුවෙන් පැවසුවා.
