Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

‘කොස්ගොඩ තාරකගේ’ මුදල් ප්‍රවාහනයට ආරක්ෂාව සැපයූ බන්ධනාගාර නිලධාරියෙකු පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධතා පැවැත් වූ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුලෝචන දයානන්ද නමැති 36 හැවිරිදි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සැරයන්වරයෙක් වන අතර මොහු විසින් ඉකුත් නිරෝධායන ඇඳිරි නීතිය පැවති සමයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා තම නිල ඇඳුමින් සැරසී යමින් ඊට ආරක්ෂාව සහ රැකවරණය ලබා දී ඇතැයි කරුණු අනාවරණය වී තිබේ.

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‍”කොස්ගොඩ තාරකගේ” කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් හැසිරවූ බවට අනාවරණ වීමෙන් පසු අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින රොහාන් ප්‍රදීප් නමැති සැකකරු සමඟ එක්ව ඔහු මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

Giraya News Alerts

අත්අඩංගුවට ගැනුණු සැකකාර බන්ධනාගාර නිලධාරියා මේ වන විට පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටී.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top