ශ්‍රී ලංකාවෙන් වාර්තා වු සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (27) පස්වරු 6.35 වන විට 2804ක් ලෙස සටහන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඒ, අද (27) දිනයේදී නව ආසාදිතයින් 22ක් හඳුනා ගැනීමත් සමඟයි.
වාර්තා වූ ආසාදිතයින් 22 දෙනාගෙන් 17 දෙනෙකු ම සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ. අනෙක් පස්දෙනා කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් වේ.
එමෙන්ම, අද (27) පෙරවරු 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා.ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2121 දෙනෙකු ම සුවය ලබා තිබෙනවා.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 672ක් වේ. තවත් ආසාදිතයින් 80ක් සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.
