Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බත්තරමුල්ලේ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක ගින්නක්

බත්තරමුල්ල නගරයේ පිහිටි විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. මහල් තුනකින් යුක්ත වූ මෙම ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙහි අද (27) දහවල් මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීම් සේවා රථ 4ක් පිටත් කර හැර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ගින්න හේතුවෙන් මේ වන විට බත්තරමුල්ල නගරයේ දැඩි වාහන තදබදයක් හට ගෙන ඇති බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top