Advertise with Giraya
NEWS

රවී සහ රිෂාඩ් CIDයට

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය හමුවට පැමිණියේ ය.

එමෙන්ම, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ද පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා වව්නියාව, ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම හිටපු ඇමතිවරුන්ට අද (27) දින පෙරවරු 9.30 සිට 1.30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රකාශයක් ලබා දිය යුතු බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය සිකුරාදා (24) නියෝග කළේය.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top