Advertise with Giraya
SPORTS

ක්‍රිකට් ආයතනය කුසල් මෙන්ඩිස් ගැන අද තීරණයක් ගනියි

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීම කෙරෙහි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

අදාළ යෝජනාව අද (27) දිනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ, කි‍්‍රකට් කමිටුවට ඉදිරිපත් කරන බව ද වාර්තා වේ.

ගිවිසුම්ගතව සිටින කී‍්‍රඩකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදුකිරීමේ බලය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සතුව පවතින අතර මෙවැනි විනය පරීක්ෂණයක් සිදුකිරීමට යෝජනා වී ඇත්තේ, කී‍්‍රඩකයින් අතින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් ය.

මේ අතර, මෙම රිය අනතුරෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ලබාදීමට කුසල් මෙන්ඩිස් ඉකුත් දා අධිකරණයේදී එකග වුණා. එමෙන්ම, ස්ථිර නිවසක් නොතිබූ එම පවුල වෙත ඉඩමක් ද ලබාදීමට කුසල් මෙන්ඩිස් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top