ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන මේ වන විට 2782ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (26) දිනයේ පස්වරු 8.30 වන විට නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇත.
එම වාර්තා වූ නව ආසාදිතයින් 12 දෙනාගෙන්, පස් දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින රැඳවියන් වේ. තවත් සිව් දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායනයනට ලක් වෙමින් සිටි පුද්ගලයින් ය. අනෙක් තිදෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් තිදෙනෙකු වේ.
එමෙන්ම, ඊයේ (26) දිනයේ දී තවත් ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2106 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණ 665ක් වේ. තවත් පුද්ගලයින් 75 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.
