ඉදිරි සතිය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, කඩුවෙල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එහිදී, ආසාදිතයෙකු රෝහල්වලින් පැන යාම පිළිබඳව මාධ්‍යවේදියෙක් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා පැවසුවේ මේ වන විට පොලීසියෙන් අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු කොවිඩ් ආසාදිතයින් රඳවා ඇත්තේ කන්දකාඩු රෝහලේ බවත් එම ස්ථානවල ද හමුදා ආරක්ෂාව ඇති බැවින් ඔවුන්ට පැන යාමට ඉඩක් නැති බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
