මහමැතිවරණයේ ඡනද් ප්‍රතිඵල ලබා දෙන්නේ 07 වැනිදාට වන නමුත් තමන් ඡන්ද 150,000කට වැඩිය ලබා ගනිමින් වැඩිම මනාපයෙන් ජය ගන්නා බව තමන් අද දින තහවුරු කරමින් පවසන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ අනුව, අගෝස්තු 5 වෙනිදායින් පසුව පොළොන්නරුවේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගන්නා බව ද කී ඒ මහතා අදින් වසර 25කට පමණ පෙර තමන් පොළොන්නරුවේ සංවර්ධනය ආරම්භ කළ අවධියේ දී අද තමන්ට බණින විවේචනය කරන අය පොඩි ළමයි යැයි ද කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පොළොන්නරුව නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ය. එහිදී අදහස් දක්වමින් ඔහු, “අද තිබෙන පොළොන්නරුව නගරය මම එදා ගොඩනඟනකොට චෝද්‍රිකා මැතිණිගේ ආණ්ඩුවෙන්, මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ ආණ්ඩුවෙන්, මගේ ආණ්ඩුවෙන් අද ඔය මට බණින අය, මාව විවේචනය කරන අය පුංචියි. ඔය ගොල්ලෝ ඔක්කොම දේශපාලනයට ගෙනාවේ මම තමයි. මේ පොළොන්නරුව නගරය මම පාර්ලිමේන්තුවට යනකාලේ හරියට සොහොන් පිට්ටනියක් වාගේ. ඒකාලේ එක පැත්තකින් යුද්ධය. අනෙක් පැත්තකින් ජේවීපිය හින්දා දිගට හරහට මරා ගන්නවා. මේ පොළොන්නරු නගරය 1977 ඉඳන් 1994 වෙනකම් හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු පොළොන්නරු නගරය වහලදාලා කදුරුවෙල නගරය පැත්ත විතරක් සංවර්ධනය කරන්න පටන් ගත්තා. නමුත් මම පොළොන්නරුවයි, කදුරුවෙලයි කියලා කිසිම වෙනසක් කළේ නෑ.
පොළොන්නරුවෙ, කදුරුවෙල දෙකම එකට එකතු කරලා මහ නගරයක් විදියට මහා නගර සභාවක් හැදුවා. පොළොන්නරුවට මහ නගර සභාවක් දුන්නේ මමයි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ. තමුන්නාන්සේලාගේ මෙතැන තිබුණ පොලීසිය මෙතැනින් ගලවලා කදුරුවෙලට අරගෙන ගියා. මේ පැත්ත පාළු ස්වභාවයක් ගත්තා. මෙතැන තිබුණු තැපැල් කන්තොරුව ගලවලා කදුරුවෙලට අරන් ගියා.
පස්සේ මම තමයි අද මේ තියෙන සියළු දේවල් මේ පැත්තට ගෙනාවේ. අගොස්තු 05 වෙනිදායින් පස්සේ පොළොන්නරුවේ පාලනය සම්පූර්ණයෙන් ම මගේ අතට ගන්නවාය කියන එක මම තමුන්නාන්සේලාට කියනවා. මම සංවර්ධනය අතින් පොළොන්නරුවේ ඓතිහාසික වෙනසක් කරල තියෙනවා. තමුන්නසේලාට කිසිම ප්‍රශ්නයක් නෑ. පස්වෙනිදා ජන්ද ප්‍රතිඵලය මම දැන් තමුන්නානසේලාට කියන්නම් උදේට ජන්ද පොළට ගිහිල්ලා පොහොට්ටුවට කතිරයක් ගහලා මනාප අංක 7ට කතිරයක් ගහන්න තමුන්නාන්සේලාට ජන්ද ප්‍රතිඵල කියන්නේ 07 වෙනිදට. මම 150,000කට එහා ජන්ද අරගෙන වැඩිම මනාපයෙන් ජයග්‍රහණය කරනවා කියන එක දැන් කියනවා” යැයි පැවසුවේ ය.
