Advertise with Giraya
NEWS

රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයාගේ ගමන් මඟ පිළිබඳව නිවැරදි තොරතුරු හෙළිවේ

අංගොඩ අයි.ඩී.එච් රෝහලෙනි ඊයේ (24) දිනයේ දී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා විසින් සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කරයි.

මෙම රෝගියා අයි.ඩී.එච්. රෝහලෙන් පලා යමින් සිටියදී රෝහලේ දී තමන් ඇඳ සිටි ඇඳුම් ගලවා අතර මඟ පිහිටි නිවසකට ඇතුල් වී එහි තිබු ඇඳුම් ඇඳ එහි තිබු පාපැදියක් ද සොරා ගෙන කොළඹ, කොටුව දෙසට පලා ගොස් ඇති බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම කොරෝනා රෝගියා ගමන් කළ බවට පළමුව හෙළිකළ තොරතුරු අසත්‍ය බවට හෙළිවීමත් සමඟ ඔහු IDH රෝහලේ සිට කොළඹ කොටුව ප්‍රදේශයට ගමන් කළ ආකාරය ගැන සොයා බැලීමට ආරක්ෂක අංශ විසින් මේ වන විට CCTV කැමරා සහ වෙනත් සාක්ෂිකරුවන් යොදා ගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම පුද්ගලයා ඇදුම් සහ පාපැදිය සොරා ගත් නිවස සෞඛ්‍ය අංශවල උපදෙස් මත විෂබිජ හරණයට ලක් කොට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

තවද, මෙම රෝගියා වගකීම් විරහිතව ක්‍රියා කිරිම හේතුවෙන් ඔහුට එරෙහිව නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top