ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ සටහන් ඇතුළත් නඩු පොත් 50ක් අතුරුදන්ව තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම, තවත් නඩු පොත් 20ක පමණ පිටු ගලවා ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවත් එම නඩු පොත් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘‘ආමි සම්පත්’’ නොහොත් සම්පත් චාමර නමැත්තා ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මෙම ආමි සම්පත් නමැත්තාට එරෙහිව පවතින නඩු වලට අදාළ බී වාර්තා ලේඛන ද මෙලෙස අතුරුදන් වී ඇති බවයි අනාවරණ වී ඇත.
මෙම සැකකරුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ ලිපි ගොනු ද අස්ථාන ගත වී ඇති අතර එම නඩු දීර්ඝ කාලයක් අධිකරණය හමුයේ කැඳවා නොමැති බවද හෙළි වී තිබේ.
2001 වසරේ සිට ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානය භාරයේ තිබූ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සිදුකළ විමර්ශන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්වලට අදාළ සටහන් සහ තොරතුරු ඇතුළත් නඩු පොත් මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
