Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සුවය ලැබූ ගණන 2100 ඉක්මවා යයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (25) දින පෙරවරු 10.00 වන විට 2764ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඊයේ (24) දිනය තුළ දී කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 11 දෙනෙකු වාර්තා විය. වාර්තා වූ එම ආසාදිතයින් 11 දෙනාගෙන් 9 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ. එක් ආසාදිතයෙක් කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙක් වේ. වාර්තා වූ අනෙක් ආසාදිතයා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙක් වේ.

ඒ අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන් 2764 දෙනා අතරින්,

Giraya News Alerts
  • වෙනත් රටවල්වලිනි පැමිණි (විදේශික) – 31
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 897
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 573
  • වෙනත් – 313

එමෙන්ම, අද (25) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2103 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 650ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2764ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 76%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (25) දිනයේ දී එය 23%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 149,196ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (24) දිනය තුළ දී පී.සී.ආර් පරීක්ෂණ 1811ක් සිදු කර ඇත. මේ මාසයේ එක් එක් දිනයන් හී දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ප්‍රමාණය පහත දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (25) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 650 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 50ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 66ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 04 ක් ද,
  • ඉරණවිල රෝහලේ 13ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 45ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 34ක් ද,
  • යුද හමුදා රෝහල (පනාගොඩ) 42 ක් ද,
  • කඹුරුගමුව මහ රෝහලේ 02ක් ද
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 394 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 84 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top