පසුගියදා (23) රුපියල් ලක්ෂ 6ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු කොස්තාපල්වරයාට එම ද්‍රව්‍ය ලබා දුන් පොලිස් පරීක්ෂකවරයා ඊයේ (24) සවස පුත්තලමේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු පසුගිය ජනවාරි මාසයේ දී පුත්තලම සුරාබදු කාර්යාලයේ සේවයට පැමිණ ඇත.
මොහු විසින් අයිස් මත් කුඩු ග්‍රැම් 125 ක් ලබා දෙන අවස්ථාවේ පෙරේදා (23) අළුයම 1.00 පමණ එය ලබා ගැනීමට පැමිණි සුරාබදු කොස්තාපල්වරයෙකු, කාන්තාවන් පස් දෙනෙකු, තරුණයින් දෙදෙනෙකු හා කුඩා දරුවෙකු පුත්තලම කොට්ඨාශ දුෂණ මර්ධ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම අවස්ථාවේ දී අයිස් මත් කුඩු රැගෙන ආ බව කියන සැකකාර සුරාබදු පරීක්ෂකවරයා ඔහු පැමිණ සිටි මෝටර් රථයෙන් පලා ගොස් තිබූ අතර එම මෝටර් රථය සමඟ සුරාබදු පරීක්ෂකවරයා ඊයේ (24) දිනයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
අයිස් මත් කුඩු රැගෙන යාමට පැමිණි සුරාබදු කොස්තාපල්වරයා ලබා දුන් කට උත්තර අනුව මෙම සුරාබදු පරීක්ෂකවරයා අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා තිබුණි.
සම්බන්ධිත පුවත්
