මෙවර මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කය නියත වශයෙන්ම ජය ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. අගමැතිවරයා මේ බව සඳහන් කළේ, බදුල්ලේ පැවති ජනහමුවකට එක් වෙමින්ය.
එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා, “බදුල්ල දිස්ත්‍රික්කයේ එක්තරා යුගයක මහා භීෂණයක, ප්‍රේමදාස යුගයේ භීෂණය පිළිබඳව අවබෝධයක් තියෙන තරුණ තරුණියන් මෙතන ඉන්නවා ද මම දන්නේ නැහැ. ඔබ දන්නවා ද ප්‍රේමදාස කාලේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් මරණ දමන ලද තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව? 4792ක්… ඊටත් වැඩියි. ගණන් කරලා නැති ඒවා ගොඩක් තියෙනවා. ඒක තමයි ඉතිහාසය.
මේ ප්‍රදේශය තුළ මේ ආකාරයෙන් භීෂණය රජ කරපු යුගයක් තියෙනවා. එය අවසන් කරලා අද බදුල්ල දිස්ත්‍රික්කය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න අපි තීන්දු කරලා තියෙනවා. සහෝදරවරුනි, ඔබ දන්නවා මේ දිස්ත්‍රික්කය ශක්තිමත් දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය මෙවර අපිට අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක් වශයෙන් අපි හඳුනාගන්නවා” යැයි පැවසීය.
