සමස්ත දිවයින පුරාම සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට 150,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ගත වූ පැය 24 තුළ පී.සී.ආර්. පරීක්ෂණ 1811 ක ප්‍රමාණයක් සිදු කර ඇති බවත් සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 149,196ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. එමෙන්ම, ගත වූ සතිය තුළ දී 13,677ක ප්‍රමාණයක් සිදු කර ඇත.
මීට අමතරව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ සහ එහි කාර්යමණ්ඩලයේ සියළුදෙනාගේ ම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර අවසන් බව කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධන බලකාය පවසයි. එහිදී සිදු කර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 1402 කට අධිකය.
