Advertise with Giraya
NEWS

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කොවිඩ් – 19 අරමුදලෙන් මිලියන 36ක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදු කරන අත්‍යාවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812.00 ක් වැය කෙරේ.

අදාළ චෙක්පත ඊයේ (24) දිනයේ දී මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ වෙත භාරදෙනු ලැබීය.

පී.සී.ආර්. පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා අදාළ මුදල ප්‍රදානය කර තිබේ.

Giraya News Alerts

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ඉල්ලීම අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test kits) මිලදී ගැනීමට රුපියල් 34,105,812.00 ක් වැය කෙරේ. යාපනය විශ්ව විද්‍යාලය සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවල ධාරිතාව වැඩි කිරීම සඳහා හදිසි හා අත්‍යාවශ්‍ය රසායනාගාර උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 2.5 ක් වෙන් කර ඇත.

මේ වන විට, කොවිඩ් -19 අරමුදල රුපියල් මිලියන 1525 ඉක්මවා තිබේ.
අරමුදලේ ප්‍රමුඛ අරමුණ කොවිඩ් -19 මර්දනයට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ, උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු පහසුකම් සැලසීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත මේ මුදල නිදහස් කරන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top