ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – ආසාදිතයින් ගණන මේ වන විට 2764ක් ලෙස වාර්තා වේ. ගත වූ පැය 24 තුළ දී ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
වාර්තා වූ එම ආසාදිතයින් 11 දෙනාගෙන් 9 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ. එක් ආසාදිතයෙක් කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙක් වේ. වාර්තා වූ අනෙක් ආසාදිතයා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙක් වේ.
එමෙන්ම, ඊයේ (24) දිනයේ දී තවත් ආසාදිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 2094ක් වේ.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 659කි. තවත් 63 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11කි.
